පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදු කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව නැගෙනහිර නාවික විධානය මඟින් කන්තලේ පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ සහ අළුත්වැඩියා කළ ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම 2021 ජූලි 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර, එම පාසලේ ශිෂ්‍ය නායකයින් 25 දෙනෙකු සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පාසල් උපකරණ ප්‍රධානය කිරීම ද සිදු කෙරිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා නිෂාණි ජයරත්න මැතිණිය, ජ්‍යේෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී සේවා වනිතා ව්‍යාපෘති කොමදෝරු සුජීව සෙනවිරත්න, කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (නැ) එම්ටී සිගේරා, විධාන දන්ත වෛද්‍ය නිලධාරී (නැ) වෛද්‍ය කපිතාන් අයියු ධර්මප්‍රිය, ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී ටීඅයි විජේසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.