සේවා වනිතා ඒකකයේ හිටපු ගරු උප සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය, සාර්ථකත්වය හා සංවර්ධනය උදෙසා සිය දායකත්වය ලබා දුන් හිටපු ගරු උප සභාපතිනී දිළිණි වෑවිට මැතිණියගේ සමුගැනීමේ සාදය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු 06 වන දින උස්වැටකෙයියාව Malima Club House හීදී පැවැත්වුණි.

මෙම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් වූ අතර, මෙහිදි සමුගන්නා ලද සේවා වනිතා ඒකකයේ හිටපු ගරු උප සභාපතිනී දිළිණි වෑවිට මැතිණියගේ සේවය අගයමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සමරු තිළිණ ප්‍රධානයක් ද සිදුකරන ලදි.

කොවිඩ් 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් පවත්වන ලද මෙම සාදය සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරිනියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටින ලදි.