එළුවන්කුළම සිංහල විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදු කෙරේ

70 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව පුත්තලම, එළුවන්කුලම සිංහල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පන්තිකාමර ගොඩනැගිල්ල, විද්‍යාගාර ගොඩනැගිල්ල සහ අළුත්වැඩියා කරන ලද පරිඝණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සුරතින් සිදු කෙරුණු අතර, එම පාසලේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනයට රුකුලක් වනු වස් ළමුන් 25 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීම නාවික හමුදාධිපති‚ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය චන්දිමා උළුගේතැන්න මැතිණිය‚ වයඹ නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය, ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී සේවා වනිතා ව්‍යාපෘති රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය‚ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී සේවා වනිතා ව්‍යාපෘති රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න‚ වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී බීජීපීඑෆ්ඒ වික්‍රමසූරිය‚ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.