ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් තවත් සමාජ සත්කාර්යක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව 2021 ඔක්තෝබර් මස 01වන දිනට යෙදුණු ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රෝද පුටු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව නාවික හමුදාවේ සේවය කරනු ලබන සමූහ ප්‍රධාන සුළු නිලධාරී ජේඑච් චන්දන, එක්ස්එස් 30397 දරණ ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ පියා, සුළු නිලධාරී ආර්එම්ඒ රත්නායක, ඊඩී 32517 දරණ ජ්‍යෙෂ්ඨ නාවිකයාගේ මව සහ සාමාන්‍ය නැවි එම්එම්එන්ඩී ගුණරත්න, විඒඑස් 75515 දරණ නාවිකයාගේ පියාගේ අසනීප තත්වයන් සම්බන්ධයෙන් එම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් රෝද පුටු 03ක් එම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් වෙත ප්‍රධානය කිරීම සේවා වනිතා කාර්යාලයේදී සිදු කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කර තිබූ මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.