ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් කැළණිය මාවරමණ්ඩිය ළමා නිවාසය වෙත පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2021 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිති කොට ගනිමින් සේවා වනිතා ඒකකය මගින් කැලණිය මාවරමණ්ඩිය ප්‍රදේශයෙහි පිහිටි ‘ඉසුරු ළමා නිවාසයේ’ සිටින දූ දරුවන් වෙත දිවා ආහාරය හා අවශ්‍ය ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ අනුව කැලණිය මාවරමණ්ඩිය ප්‍රදේශයෙහි පිහිටි ඉසුරු ළමා නිවාසයේ සිටින දූ දරුවන් 20 දෙනෙකු සඳහා දිවා ආහාරය හා අවශ්‍ය ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ලබා දීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ උපදෙස් පරිදි සේවා වනිතා ඒකකයේ සහකාර භාණ්ඩාගාරික ලුතිනන් කෝෂිලා විජේනායක හා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම ළමා නිවාස පරිශ්‍රයේදී 2021 ඔක්තොබර් මස 01 වන දින සිදුකරන ලදී.