ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා පෙර පාසල් දූ දරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් පරිදි 2021 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා පෙර පාසල්හි ඉගෙනුම ලබන දූ දරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, “ළමා ලෝකය” යන තේමාව යටතේ පෙර පාසල් දරුවන් ඔවුන් කැමැති මාධ්‍යක් උපයෝගී කර ගනිමින් අඳින ලද චිත්‍ර මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කෙරිණි.

ඒ අනුව, මේ සඳහා ශ්‍රීලංනානෞ ගැමුණු, ශ්‍රීලංනානෞ තිස්ස, ශ්‍රීලංනානෞ දක්ෂිණ, ශ්‍රීලංනානෞ භරණ, සහ ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය යන ආයනයන් තුළ පිහිටි සේවා වනිතා පෙර පාසල් තුළ ඉගෙනුම ලබන දරුවන් ඔවුන් අඳින ලද චිත්‍ර නිර්මාණ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කරන ලදී.

සේවා වනිතා පෙර පාසල ශ්‍රීලංනානෞ ගැමුණු

සේවා වනිතා පෙර පාසල ශ්‍රීලංනානෞ තිස්ස

සේවා වනිතා පෙර පාසල ශ්‍රීලංනානෞ දක්ෂිණ

සේවා වනිතා පෙර පාසල ශ්‍රීලංනානෞ භරණ

සේවා වනිතා පෙර පාසල ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය