නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව එළිදැක්වේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව වෙබ් අඩවිය සහ ෆේස්බුක් (Facebook) පිටුව එළිදැක්වීම අද (2021 ඔක්තෝබර් 07) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් නාවික හමුදා මූලස්තානයේ සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඒ අනුව, https://svu.navy.lk යන වෙබ් ලිපිනය ඔස්සේ සේවා වනිතා නිළ වෙබ් අඩවියට සහ https://www.facebook.com/Sri-Lanka-Navy-Seva-Vanitha-Unit-117632297198493/ යන ලිපිනය ඔස්සේ සේවා වනිතා නිළ ෆේස්බුක් (Facebook) පිටුව වෙත පිවිස ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදු කරනු ලබන සුභසාධන ව්‍යාපෘති හා අනෙකුත් සේවාවන් සම්බන්ධ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව උදාවනු ඇත.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්‍ට අනුකූලව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.