ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී සිදු කෙරිණි.
සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව නාවික පුද්ගලයින්ගේ දුදරුවන් නැණවත් පරපුරක් බවට පත් කිරිමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසැල් ව්‍යාපෘතිය යටතේ ශ්‍රිලංනානෞ භරණ ආයතනයේ පෙර පාසැල පවත්වා ගෙන යනු ලබන පැරණි ගොඩනැගිල්ල වෙනුවට නව නාවික පෙර පාසලක් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිම සඳහා මුලික පියවරක් ලෙස එහි මුල්ගල තැබිම මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින සිදු කෙරිණි.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාව සඳහා වයඹ විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය, වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේන්ද්‍ර වීරරත්න සහ එම මැතිණිය, ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් පීවීපිකේ රණතුංග, වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වන ලදි.