නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම අනුව කරුවලගස්වැව අවට ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම වැඩසටහන සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ සේවා වනිතා විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය, නාවික සමාජයීය මෙහෙවර ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක කපිතාන් ඩබ්එල්එන් ගුණසේකර, ශ්‍රීලංනානෞ තම්බපණ්ණි ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඒඑම් අබේසිංහ, නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටින ලදී.