නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයට ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 141 බක්මීගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින එම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

11 Oct 2021

ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී සිදු කෙරිණි.

11 Oct 2021

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම අනුව කරුවලගස්වැව අවට ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

11 Oct 2021