පිලිපීන නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද පැසි පන්දු තරගාවලියක්

තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකෙහි (02) නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර 2020 ජනවාරි 27 වන දින සුහද පැසි පන්දු තරගයක් පවත් වන ලදි.

ඒ අනුව, වැලිසර නාවික හමුදා කදවුරේදී පවත්වන ලද මෙම සුහද පැසි පන්දු තරගාවලිය සඳහා සහභාගී වන ලද දෙරටේ ක්‍රීඩකයන් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව තම ක්‍රීඩා කෞශල්‍යයන් විදහා පාමින් ක්‍රීඩාවෙහි නිරත වන ලද අතර, මෙය දෙරටේ ක්‍රීඩා කණ්ඩායම් වලට නැවුම් අත්දැකීමක් ගෙන දෙන්නක් විය. තරඟාවලිය අවසානයේ පැසිපන්දු තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් සමූහ ඡායාරූපයකට ද පෙනි සිටින ලදී.