ක්‍රීඩා පුවත්
12 වන ආරක්ෂක සේවා මේස පන්දු තරඟාවලියේදී පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2022 දෙසැම්බර් මස 14, 15 සහ 16 වන දින වැලිසර, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 12 වන ආරක්ෂක සේවා මේස පන්දු තරඟාවලිය නාවික හමුදා අධ්යක්ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරළ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට සමත් විය.
19 Dec 2022
06 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2022 හි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය නාවික හමුදාවට
ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2022 ජාතික වේග හබල් ඔරු යාත්‍රා සංචිතයේ සභාපති, රොහාන් ප්‍රීතිවිරාජ් පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී බත්තරමුල්ල, දියවන්නා ඔයෙහි පැවැත්වූ අතර, එහිදි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා පිරිමි වේග හබල් ඔරු කණ්ඩායම සමත් විය.
19 Dec 2022