ක්‍රීඩා පුවත්
12 වන ආරක්ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
![](../assets/images/news/sport_news/front_img/202212231545.jpg)
2022 දෙසැම්බර් මස 22 වන දින පොළොන්නරුව ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති 12 වන ආරක්ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේදී පිරිමි හා කාන්තා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ හොඳම බර ඉසිලීමේ ක්‍රීඩකයාට හිමි කුසලානය, පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ පදක්කම්ලාභී නාවික හමුදා ක්‍රීඩක, නායක නැවි ඩීඑම්අයිසී දිසානායක විසින් හිමි කර ගන්නා ලදී.
23 Dec 2022
සීතාදේවි සය සාමාජික හොකී තරඟාවලිය - 2022 හි පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
![](../assets/images/news/sport_news/front_img/202212221845.jpg)
මහනුවර සීතාදේවි කාන්තා විද්‍යාලය සහ සීතාදේවි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ලද, සීතාදේවි සය සාමාජික හොකී තරඟාවලිය - 2022, මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 2022 දෙසැම්බර් මස 17 සහ 18 දිනයන්හීදි සාර්ථකව පැවැත්වුනු අතර, එම තරඟාවලියේ පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
23 Dec 2022