12 වන ආරක්‍ෂක සේවා කාන්තා කබඩි ශූරතාවය නාවික හමුදාවට

2023 ජනවාරි මස 12 සහ 13 යන දෙදින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවති 12 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවලියේදී නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 12 වන ආරක්‍ෂක සේවා කබඩි තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කබඩි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 36 -20 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කබඩි කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ශූරතාවය දිනාගැනීමට සමත් විය.

එහිදි, නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායමේ කාන්තා නායක නැවි ආර්පීඑම් චතුරිකා තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී.