ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 හි සමස්ථ අනු ශූරතාවය නාවික හමුදාවට

2023 පෙබරවාරි මස 12 වන දින මොරටුවේ දී පැවති ස්පීඩ් ඇරෝස් පාපැදි ශූරතාවය - 2023 සඳහා සහභාගී වූ නාවික හමුදා පිරිමි පාපැදි කණ්ඩායම සමස්ථ තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, ස්පීඩ් ඇරෝස් පාපැදි සංගමය විසින් සංවිධානය කල කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය විසින් මෙහෙයවන ලද මෙම ධාවන තරඟය මොරටුව නව ගාලු පාරේ ජස්ටින් ඩයස් මාවත අසලින් ආරම්භ කර, මෝදර වට රවුම, වලාන බුදුපිලිම හන්දිය, සරික්කම් මුල්ල හන්දිය, මොරටුව පාලම හන්දිය, ෆේසර් මාවත හරහා වට අටක් (සම්පූර්ණ දුර ‍කිලෝමීටර් 96 ක්) ලෙස පැවති ධාවන තරඟය මොරටුව නව ගාලු පාරේ ජස්ටින් ඩයස් මාවත අසලින් අවසන් කෙරිණි.

එහිදී නාවික හමුදා පිරිමි පාපැදි කණ්ඩායම විසින් සමස්ථ තරඟයේ අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර, බලනැවි පීපීපීඑම්ජී සිල්වා පැය 02 යි විනාඩි 13 යි තත්පර 14 ක් ලෙස තරඟය නිමා කරමින් දෙවන ස්ථානය දිනාගැනීමටද සමත් විය.