ක්‍රීඩා පුවත්

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ මෙවර වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී 2023 මාර්තු මස 17 වන දින සිට 23 වන දින දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

24 Mar 2023

අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2023 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2023 මාර්තු මස 06 වන දින සිට 10 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 10 වන දින සිදු කෙරිණි.

12 Mar 2023

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පිරිමි රග්බි අනුශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ පිරිමි රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ CR&FC කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී, 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 24-18 ක් ලෙස ලබා ගනිමින් නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම තරඟාවලියේ අනු ශූරතාවය දිනා ගන්නා ලදි.

07 Mar 2023

‘National Sailing Championship - 2023’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘National Sailing Championship - 2023’ තරඟාවලිය 2023 මාර්තු මස 05 සහ 06 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූප‍තේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.

07 Mar 2023

ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ කාන්තා රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ යුද හමුදා කාන්තා කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 05-14 ක් ලෙස යුද හමුදා කාන්තා කණ්ඩායම පරදා, නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.

06 Mar 2023

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් 2023 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී යුද හා ගුවන් හමුදා කණ්ඩායම් පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායම, 12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

04 Mar 2023

‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි.

2023 පෙබරවාරි මස 26 වන දින සිට මාර්තු මස 01 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, A 47 කාණ්ඩය යටතේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

04 Mar 2023

නාවික හමුදාව ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම පරදා අවසන් තරඟයට සුදුසුකම් ලබා ගනියි

2023 මාර්තු මස 02 වන දින කොළඹ, තුරඟ තරඟ පිටියේ පැවති අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ රග්බි තරඟාවලියෙහි දෙවැනි අවසන් පූර්ව තරඟයේදී, ලකුණු 16-13 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරදා, තියුණු ජයක් හිමි කර ගනිමින්, එහි අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

03 Mar 2023