නාවික හමුදාව ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ යුද හමුදා කණ්ඩායම පරදා අවසන් තරඟයට සුදුසුකම් ලබා ගනියි

2023 මාර්තු මස 02 වන දින කොළඹ, තුරඟ තරඟ පිටියේ පැවති අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ රග්බි තරඟාවලියෙහි දෙවැනි අවසන් පූර්ව තරඟයේදී, ලකුණු 16-13 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරදා, තියුණු ජයක් හිමි කර ගනිමින්, එහි අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කල බලනැවි ටීඑම් වීරසිංහ විසින් දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක්ද, බල නැවි අයියූ කෝන්ගහවත්ත ප්‍රවර්තනයක්ද, බලනැවි ආර්පීඑච්එච් මධුරංග විසින් උත්සාහක දිනුමක් සහ සාමාන්‍ය නැවි ඒඑම් සැමුවෙල් විසින් දඩුවම් පහරක්ද ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයක් දක්වන ලදී.

ඒ අනුව, ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ රග්බි තරඟාවලියේ අවසන් තරඟය නාවික හමුදා කණ්ඩායම සහ CR&FC කණ්ඩායම අතර, 2023 මාර්තු මස 05 වන දින කොළඹ, තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.