ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පිරිමි රග්බි අනුශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකී‍මේ පිරිමි රග්බි අවසන් තරඟය නාවික හමුදා සහ CR&FC කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරඟ පිටියේදී, 2023 මාර්තු මස 05 වන දින පැවැත්වුණු අතර, එහිදී ලකුණු 24-18 ක් ලෙස ලබා ගනිමින් නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම තරඟාවලියේ අනු ශූරතාවය දිනා ගන්නා ලදි.

මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කල බලනැවි ටීඑම් වීරසිංහ විසින් දඩුවම් පහර දෙකක් (02), සාමාන්‍ය නැවි ඒඑම් සැමුවෙල් විසින් දඩුවම් පහර තුනක් (03) සහ බල නැවි අයියූ කෝන්ගහවත්ත විසින් එක් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමට දායක විය.