අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2023 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2023 මාර්තු මස 06 වන දින සිට 10 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවය බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 10 වන දින සිදු කෙරිණි.

ඒ අනුව, අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලියේ පිරිමි සමස්ථ ශූරතාවය පුහුණු විධානය විසින් සහ එහි අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගන්නා ලද අතර, කාන්තා සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් සහ එහි අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගන්නා ලදි.

එහිදී, පිරිමි නවක අංශයේ ශූරතාවය ලුතිනන් ඩීඩබ්අයියූ විමලගුණ විසින් සහ එහි අනුශූරතාවය ආධුනික නැවි ජීඑම්ජේඑච් තිලකරත්න විසින් දිනාගත් අතර, කාන්තා නවක අංශයේ ශූරතාවය සාමාන්‍ය කාන්තා නැවි කේජීඑස් රසාංජලී විසින් සහ එහි අනුශූරතාවය සාමාන්‍ය කාන්තා නැවි ඒඑන් සසංගා විසින් දිනාගන්නා ලදි.

විවෘත පිරිමි අංශයේ ශූරතාවය උපලුතිනන් එච්ඕටී ද සිල්වා විසින් සහ එහි අනුශූරතාවය ලුතිනන් ඩබ්එම් ප්‍රනාන්දු විසින් දිනාගත් අතර, විවෘත පිරිමි යුගල අංශයේ ශූරතාවය ලුතිනන් ඩබ්එම් ප්‍රනාන්දු හා උපලුතිනන් එච්ඕටී ද සිල්වා විසින් සහ එහි අනුශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් සීඑම්ඩීඒ චන්ද්‍රසේකර හා ලුතිනන් කොමාණ්ඩර් කේකේආර් රත්නායක විසින් දිනාගන්නා ලදි. විවෘත කාන්තා අංශයේ ශූරතාවය බලකාන්තා ශාරීරික අභ්‍යාසක ඒජීඒසී විජේ‍රත්න විසින් සහ එහි අනුශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක එච්පීඑම් හපුගස්පිටිය විසින් දිනාගත් අතර, විවෘත කාන්තා යුගල අංශයේ ශූරතාවය කාන්තා ශාරීරික අභ්‍යාසක එච්පීඑම් හපුගස්පිටිය හා බලකාන්තා ශාරීරික අභ්‍යාසක ඒජීඒසී විජේ‍රත්න විසින් සහ එහි අනුශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ජීඑච්ජීඑස් උදාරි හා බල කාන්තා නැවි එම්එච්එන් හේරත් විසින් දිනාගන්නා ලදි.

එමෙන්ම, වයස අවුරුදු 40 ට වැඩි අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් ආර්ආර්සීඑල් ජයතිලක විසින් සහ එහි අනුශූරතාවය කොමාණ්ඩර් ඩබ්ඒසී ගුණරත්න විසින් දිනාගත් අතර, වයස අවුරුදු 40 ට වැඩි යුගල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් ඩබ්ඒසී ගුණරත්න හා කොමාණ්ඩර් එච්ඒඩී ෆොන්සේකා විසින් සහ එහි අනුශූරතාවය කොමාණ්ඩර් ටීආර් සහබන්දු හා ලුතිනන් කොමාණ්ඩර් ආර්ආර්සීඑල් ජයතිලක විසින් දිනාගන්නා ලදි. වයස අවුරුදු 50 ට වැඩි අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් කේජීඑස්පී විජේරත්න විසින් සහ එහි අනුශූරතාවය කොමාණ්ඩර් පීජී විජේවර්ධන විසින් දිනාගන්නා ලද අතර, වයස අවුරුදු 50 ට වැඩි යුගල අංශයේ ශූරතාවය කොමදෝරු ඩබ්ඩීසීයූ කුමාරසිංහ හා ‍කපිතාන් එච්එම්බීපී හේරත් විසින් සහ එහි අනුශූරතාවය කොමදෝරු එල්එම්එච් ද සිල්වා හා කොමදෝරු ආර්කේ වෙත්තසිංහ විසින් දිනාගන්නා ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වි සිටියහ.