12 වන ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ අර්ධ මැරතන් පිරිමි සහ කාන්තා අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2023 ජුනි මස 24 වන දින කටුනායක, ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ පැවැති 12 වන ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

උස්වැටකෙයියාව මාලිමා ක්ලබ් හවුස් උත්සව ශාලාව පරිශ්‍රය අසලින් ආරම්භ වී කිලෝමීටර් 10 යි මීටර් 500 ක් පමණ දුරක් ඉදිරියට ගොස් නැවත තරඟය ආරම්භ වූ ස්ථානයෙන් පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් තරඟය අවසන් විය. එහිදී, නායක නැවි ඩබ්එම්එස් කුමාර, නායක නැවි ආර්ඩීඑන්එස් කරුණාරත්න, නායක ඉංජිනේරු කාර්මික ආර්ඒපීඩී අරුණසිරි, බලනැවි ඩබ්ඩබ්කේ වීරසිංහ සහ බලනැවි ඩබ්ජීටී මදුසංක අර්ධ මැරතන් පිරිමි අංශයේ රීදි පදක්කම් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා අර්ධ මැරතන් තරඟයේදී නායක කාන්තා නැවි එම්එස්පීඑම් පෙරේරා, බල කාන්තා නැවි එම්ඒඑන්කේ ප්‍රනාන්දු, බල කාන්තා නැවි වී ක්‍රිෂාන්තනී, සාමාන්‍ය කාන්තා නැවි ඒ අනූෂා සහ සාමාන්‍ය කාන්තා නැවි ඩීසීඑම් ද සිල්වා රීදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මළල ක්‍රීඩා සංචිතයේ සභාපති කොමදෝරු චන්දන බෝපගොඩ ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.