12 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

12 වන ආරක්ෂක සේවා වූෂූ තරඟාවලිය 2023 ජුලි 04 සහ 05 දිනයන්හී වැලිසර නාවික පරිශ්‍රයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ පිරිමි සහ කාන්තා ශුරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, තාවුළු පිරිමි අංශයේ තරඟ අතරින් ගුංෂු (Gungshu), නංකුවාන් (Nanquan ) සහ තායිජි ජියෑන්(Taiji Jian) තරඟ සඳහා සහභාගී වූ සුළු නිලධාරී එන්කේ ප්‍රේමදාස, බලනැවි පීඑම්එස් සිල්වා සහ බලනැවි ඩීඩීටීඑන් අනුරාධ විසින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර, චංකුවාන්(Chang Quan) තරඟයේ රිදී පදක්කම බලනැවි එන්කේසීඑස් රත්නසිරි විසින්ද තායිජියෑන් තරඟයේ ලෝකඩ පදක්කම උප ලුතිනන් ඒඑම්ඕබී අබේසිංහ විසින් ද දිනාගන්නා ලදි.

සැන්ඩා (Sanda) පිරිමි අංශයේ කිලෝග්‍රෑම් 52, 60, 70, 75 සහ 85 යන බර පංති යටතේ තරඟ කල නායක නැවි ජීඒඑම් චන්දික, බලනැවි පීඑන් බලවර්ධන, බලනැවි කේටීඒටීපී කුමාර, නායක නැවි ඒටීඑස් රුසිරු සහ නායක ඉංජිනේරු කාර්මික ඩබ්ආර්එම්ටී මදුශංක විසින් රන් පදක්කම් ද, කිලෝග්‍රෑම් 52, 56, 70, 80, 85 යන බර පංති යටතේ තරඟ කල නායක නැවි ඊඑම්කේආර් ප්‍රියංකර, නායක නැවි එස්ආර් කුමාර, ප්‍රධාන සුළු නිලධාරී එල්ඒඑස්ඩී අමරසේන, නායක නැවි ඩබ්ඒ සමීර සහ බලනැවි වයිඑම්ආර්එල් සෙනවිරත්න විසින් රිදී පදක්කම් ද දිනාගැනීමට සමත් විය. සැන්ඩා (Sanda) පිරිමි කිලෝග්‍රෑම් 60 සහ 65 යන බර පංති යටතේ තරඟ කල සුළු නිලධාරී එච්කේඑල් පුෂ්පකුමාර සහ නායක ශාරීරික අභ්‍යාසක කේවීජීසීආර් වීරසිංහ විසින් එහිදී ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.

තාවුළු කාන්තා අංශයේ තරඟ අතුරින් චංකුවාන්(Chang Quan) සහ නංකුවාන් (Nanquan ) තරඟ සඳහා සහභාගී වූ සාමාන්‍ය කාන්තා නැවි ජීඑච්පී වත්සලා සහ නායක කාන්තා නැවි එන්අයි උදයංගනී විසින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර, තායිජි ජියෑන්(Taiji Jian) තරඟයේ රිදී පදක්කම දිනාගැනීමට නායක කාන්තා නැවි ආර්ඩීඑස්පී දිසානායක සමත් විය. තවද, සැන්ඩා (Sanda) කාන්තා අංශයේ කිලෝග්‍රෑම් 52, 60, 65 සහ 75 යන බර පංති යටතේ තරඟ කල නායක කාන්තා නැවි එස්වීපීආර් දිල්හානි, නායක කාන්තා නැවි ජේඑස් ප්‍රියදර්ශනී, නායක කාන්තා නැවි කේවීඑස්ඩී කුමාරසිංහ සහ නායක කාන්තා නැවි ඒඑච්ඒඑන් හර්ෂිකා විසින් රන් පදක්කම් ද, කිලෝග්‍රෑම් 52, 56, 70 සහ 75 යන බර පංති යටතේ තරඟ කල බල කාන්තා නැවි එම්අයි බුලත්සිංහල, සාමාන්‍ය කාන්තා නැවි ඩබ්එම්ඩීඑස් විජේසිංහ, බල කාන්තා නැවි ජේඑම් සඳමාලි සහ බල කාන්තා නැවි ජීඑස් පබෝධා විසින් රිදී පදක්කම් සහ කිලෝග්‍රෑම් 56, 65 සහ 70 යන බර පංති යටතේ තරඟ කල සාමාන්‍ය කාන්තා නැවි ජීඑල්එම් නෙත්මිණී, බල කාන්තා නැවි වීඑල්ඩී දේවින්දි සහ බල කාන්තා නැවි ජේඩබ්එන් මධුවන්ති විසින් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලිය පුරා සුවිශේෂී දක්‍ෂතා පෙන්නුම් කරමින් පදක්කම් සටහනේ පෙරමුණගත් ශ්‍රී ලංකා නාවික හමුදාව 12 වන ආරක්‍ෂක සේවා වූෂූ තරඟාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශූරතාවයන් දිනාගැනීමට සමත් විය.

තවද, තරඟාවලියේ අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.