රුසියාවේ දී පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියෙහි තෙවන ස්ථානය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායම දිනා ගනියි

රුසියාවේ මොස්කව් නුවර දී, 2023 අගෝස්තු මස 22 වන දින සිට 28 වන දින දක්වා පැවති පළමු වන ආරක්‍ෂක හමුදා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආරක්‍ෂක හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායම සමත් විය.

ඒ අනුව, මෙම තරගාවලිය සඳහා රටවල් 05 ක ආරක්‍ෂක හමුදා සාමාජිකයන් නියෝජනය කරමින් කණ්ඩායම් 05 ක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා රග්බි කණ්ඩායම සඳහා නාවික හමුදා රග්බි ක්‍රීඩකයන් සිව්දෙනෙකු (04) ඇතුලත් විය. එහිදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ බලනැවි ඒඑම්ඩීබී සෙනවිරත්න විසින් තරගාවලිය පුරා උත්සාහක දිනුම් 03 ක් ලබාගනිමින් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.