නාවික හමුදාව 2024 ජාතික සුපර් ලීග් බේස්බෝල් ශූරතාවලියේ අනුශූරතාවය දිනාගනියි

ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය මඟින් සංවිධාන කල 2024 ජාතික සුපර් ලීග් බේස්බෝල් ශූරතාවලිය, 2024 මැයි මස 10 සහ 11 යන දිනයන්හීදී දියගම, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට බේස්බෝල් කණ්ඩායම් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී කණ්ඩායම් 19 ක් අභිබවමින් නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ පැවති අවසන් මහා තරඟයෙන් ලකුණු 04 – 03 ක් වශයෙන් ලබා ගනිමින් මෙලෙස එහි අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර, තරඟාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස නාවික හමුදා ක්‍රීඩක නායක නැවි වයිටී පුෂ්පකුමාර විසින් සහ තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි කේඩබ්ජීවයිකේ කලුආරච්චි විසින් එහිදී කුසලාන දිනා ගැනීමට සමත් විය.