හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට නාවික හමුදාධිපති තුමන් සහභාගී වේ.

හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අද (2020 ජූලි 23) ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත් වන ලද අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සහභාගී වන ලදි.

ත්‍රිවිධ හමුදා වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන්ට පිළිගත් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය එක්ව මෙම හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්‍යාපති වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, උසස් අධ්‍යාපන ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටින ලද අතර මෙම උත්සවය ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ අන්තර් අධ්‍යයන මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි.