නාවික හමුදාව විසින් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අම්පාර දිසිත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2020 ජූලි 24 වන දින සිදු කරන ලදි.

මෙහිදී පොතුවිල්, සෙංගාමම් අල්-මිනා පාසලේ සහ කෝමාරි ප්‍රදේශයේ සෙල්වපුරම් ග්‍රාමයේ ඉදිකල මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සපුරාලිමට හැකි වන අතර, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානයන් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි. මෙම ජල පිරිපහදු මධ්‍යසථාන විවෘත කිරීමේ උත්සවය සඳහා පොතුවිල් දිස්ත්‍රික් ලේකම්, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින්, අල්-මීනා පාසලේ කාර්යමණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

තවද, මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.