අභිනව නාවික හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබා ගනී.

24 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදා ගන්නා ලදි.

රුවන්වැලි මහා සෑ රදුන් වැඳ පුදාගත් නාවික හමුදාධිපතිතුමන් එහිදී රුවන්වැලි මහා සෑයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ද ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කරන ලද අතර, එහිදී උන් වහන්සේ විසින් අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත ඉදිරි රාජකාරි කටයුතු සාර්ථකව සිදු කර ගෙන යාම සඳහා ආශිර්වාද ලබා දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළු‍ගේතැන්න මැතිණියද සහභාගී විය.