ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා (Gaku Fukaura) 2020 ජූලි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සුභාශිංසන පිරිනැමූ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය සහ ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපතිතුමන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් ගකු ෆුකෝරා අතර, සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.