ශ්‍රීලංනානෞ ‘රත්නදීප’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් අසංක මනුරත්න 2020 ජූලි 31 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් චමින්ද විජේවර්ධන විසින් කන්කසන්තුරය වරායේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් කොමාණ්ඩර් අසංක මනුරත්න වෙත භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුදත් ලේල්වල සහභාගී වී සිටි අතර, නව අණදෙන නිලධාරිගේ අංශ පිරික්සීමෙන් අනතුරුව වැඩ භාර ගැනීමේ උත්සවයේ කටයුතු නිමාවට පත් කරන ලදි.