දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කොමදෝරු ප්‍රියන්ත පෙරේරා වැඩ භාර ගනී.

කොමදෝරු ප්‍රියන්ත පෙරේරා 2020 ජුලි 31 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

දකුණු නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් ගාල්ල, දකුණු නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් කොමදෝරු ප්‍රියන්ත පෙරේරා වෙත භාර දීම සිදු කෙරුණු අතර, දකුණු නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර කොමදෝරු ප්‍රියන්ත පෙරේරා නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් වශයෙන් රාජකාරි කටයුතු සිදු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත නාවික සම්ප්‍රධායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනමමින් දකුණු නාවික විධානය වෙත පිළිගත් අතර, හිටපු ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් වෙත දකුණු නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් සහ නාවිකයින් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.