ශ්‍රීලංනානෞ අභීත II, රණවික්‍රම සහ රණවිජය යාත්‍රා සඳහා නව අණදෙන නිලධාරීන් පත්වේ

ශ්‍රී ලංනානෞ අභීත II, ශ්‍රී ලංනානෞ රණවික්‍රම සහ ශ්‍රීලංනානෞ රණවිජය යාත්‍රාවන්ගේ අණදෙන නිලධාරීන් ලෙස පිළිවෙළින් කොමාණ්ඩර් චමිල රාජපක්‍ෂ, කොමාණ්ඩර් ශාන්ත අඹන්වල සහ ලුතිනන් කොමාණ්ඩර් ඉදුවර ධර්මරත්න 2020 අගොස්තු 04 වන දින පත්විය. මෙම යාත්‍රාවන්ගේ හිටපු අණදෙන නිළධාරීන් වන පිළිවෙළින් කොමාණ්ඩර් චන්දන පාවුලුගේ, කොමාණ්ඩර් රුවන් එදිරිසිංහ, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදීත්, කොමාණ්ඩර් එරන්ද වික්‍රමසිංහ කන්කසන්තුරය වරායේදීත්, අණදෙන නිලධාරී ධූරයන්ගේ රාජකාරීන් සහ වගකීම් නව අණදෙන නිලධාරීන් වෙත භාරදීම සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ පැවති අණදෙන නිලධාරීන් පත්වීමේ අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සහභාගීවූ අතර, කන්කසන්තුරය වරායේ පැවති අණදෙන නිලධාරී පත්වීමේ අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුදත් ලේල්වල සහභාගී විය.