හතරවන වේග ප්‍රහාරක බලඝණය සඳහා පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක්

භාවිතයෙන් ඉවත් කර තිබූ පී 419 වේග ප්‍රහාරක මුර යාත්‍රාව ත්‍රකුණාමලය නාවික තඨාකාංගණයේදී පාවෙන ආපදා පාලන පුහුණු ඒකකයක් බවට පරිවර්ථනය කිරීමෙන් පසු, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් හතරවන වේග ප්‍රහාරක බලඝණ පුහුණු ඒකකය වෙත උත්සවාකාරයෙන් භාරදීම 2020 අගෝස්තු මස 05 වන දින සිදු කරන ලදි.

කොමදෝරු අධිකාරී නාවික තඨාකාංගණය (නැගෙනහිර) දෙපාර්තමේන්තුවට අයත් නාවික පුද්ගලයින්ගේ නිපුණතාවය හා කැපවීමෙන් නිර්මාණය කරන ලද මෙම පුහුණු ඒකකය මගින්, නාවික හමුදාවට දීර්ඝ කාලයක් අවශ්‍යව තිබූ පාවෙන පුහුණු ඒකකයක ඌණතාවය පූර්ණ වූ අතර, මෙම පුහුණු ඒකකය ඉතා ඵලදායී ලෙස නාවික පුද්ගලයින් හට ගිණිනිවීමේ සහ ආපදා පාලන පුහුණු අභ්‍යාසයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය අංගෝපාංගවලින් සමත්විතය.

නාවික තඨාකාංගණයේදී ප්‍රදර්ශණ පුහුණු අභ්‍යාසයක් සමගින් පැවති මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, හතරවන වේග ප්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරී, නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කොමදෝරු නාවික තඨාකාංගණය නැගෙනහිරට අයත් නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.