කපිතාන් බුද්ධික රූපසිංහ ශ්‍රීලංනානෞ සයුර නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් කපිතාන් බුද්ධික රූපසිංහ අද (2020 අගෝස්තු 06) වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරි කපිතාන් නිලන්ත හේවාවිතාරණ විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගණයේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් බණ්ඩාර ජයතිලක සහභාගී විය.

2000 වර්ෂයේ 50 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් ලෙස නාවික හමුදා නෞකා සමූහයට එක්වූ මෙම නෞකාව එවකට නාවික හමුදාව සතුව පැවති විශාලතම නෞකාව විය. රුදුරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මව්බිම මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදී පාවෙන අවි ගබඩා විනාශ කිරීම ඇතුළු මෙහෙයුම් විශාල ප්‍රමාණයකට සක්‍රීව දායක වූ සයුර නෞකාව, වර්ථමානයේ දිවයින වටා මුහුදු ප්‍රදේශය සුරක්‍ෂිත කිරීමේ මාහැගි මෙහෙවරේ යෙදී සිටින නෞකාවකි.