නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 15 ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 15 දෙනෙක් අද (2020 අගෝස්තු 07) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

ඒ අනුව, බූස්ස නාවික නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 10 ක් සහ කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05ක් වශයෙන් රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන ලද අතර, එම සෑම පුද්ගලයෙකු වෙතම සාර්ථකව නිරෝධායනය වූ බවට සහතිකයක් නාවික හමුදාව විසින් ලබාදීමට කටයුතු කරන ලදි.

තවද, මේ වනවිට පුද්ගලයින් 75 දෙනෙකු බූස්ස නාවික නිරෝධායන මධ්‍යස්ථානය තුලද, තවත් පුද්ගලයින් 15 දෙනෙකු කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානය තුලද තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.