රියර් අද්මිරාල් මුදිත ගමගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

සිය වසර 35 කට අධික නාවික සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මුදිත ගමගේ අද (2020 අගෝස්තු 07) වන දින විශ්‍රාම යන ලදි.

ඔහුගේ 55 වන උපන් දිනය ද අද (2020 අගෝස්තු 07) දිනට යෙදී තිබූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින් රියර් අද්මිරාල් මුදිත ගමගේ හට උපන් දින සුභපැතුම් එක් කරන ලදි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලද අතර, සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් මුදිත ගමගේ වෙත සමුදීමෙන් අනතුරුව නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේ මාර්ගය දෙපස සිට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු වෙත සුභාශිංසන පිරිනමන ලදි.

1985 වර්ෂයේදී ශිෂ්‍යභට නිලධාරියෙක් ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මුදිත ගමගේ, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, අධ්‍යක්‍ෂ නාවික (ව්‍යාපෘති හා සැළසුම්), උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙරළආරක්‍ෂක දෙපාර්තමේන්තුව, උතුරු නාවික විධානයේ ආඥාපති,අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ආදී ප්‍රමුඛපෙලේ නිලතල දරමින් කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.