හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් හර්ෂ ද සිල්වා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බලඝණයක් වන හතරවන වේග ප්‍රහාරක බලඝණයේ නව අණදෙන නිලධාරි ලෙස කපිතාන් හර්ෂ ද සිල්වා අද (2020 අගෝස්තු 07) වැඩ භාර ගන්නා ලදි.

ත්‍රිකුණාමලය නාවික තඨාකංගණයේ පිහිටි හතරවන වේග ප්‍රහාරක බලඝණ මූලස්ථානයේ පැවති උත්සවයේදී නාවික සම්ප්‍රදායානුකූලව කපිතාන් හර්ෂ ද සිල්වා විසින් නිල වශයෙන් හිටපු අණදෙන නිලධාරි කපිතාන් ධම්මික විජේවර්ධන වෙතින් රාජකාරී භාර ගැනීම සිදු කරන ලදි.

ත්‍රස්තවාදයට එරෙහි මානූෂීය මෙහෙයුමේදී සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ හතරවන වේග ප්‍රහාරක බලඝණය වර්ථමානයේදී ද විවිධ පරාසයන්හි නාවික මෙහෙයුම් සඳහා නිරන්තර සූදානමකින් සිටින නාවික හමුදාව සතු ප්‍රභලතම ප්‍රහාරක බලඝණයක් ලෙස සැළකිය හැකිය.