නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙක් ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටු කරන නාවික හමුදාව එහි තවත් එක් පියවරක් ලෙස පානම ප්‍රදේශයේ ඉදිකරන ලද 758 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2020 අගෝස්තු 07) විවෘත කරන ලදි.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේදී පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ නව ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා නාවික හමුදාව ශ්‍රමදායකත්වයෙන් හා තාක්‍ෂණයෙන් දායක විය. මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින් පානම මහා විද්‍යාලයේ සිසුන්ට සහ ගම්වාසීන් සඳහා පිරිසිඳු පානීය ජලය ලබා ගත හැකි ලෙස පහසුකම් සලසා ඇත.

අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ගිණිකොණ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ පානම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් හා නාවිකයින්, ප්‍රදේශවාසීන් සහ පානම මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදි.