නාවික හමුදා දායකත්වයෙන් උතුරු හා දකුණු වෙරළ තීරයන් පිරිසිදු කෙරේ.

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වාගැනීම සඳහා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කරනු ලබන අතර, තවත් එවැනි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් උතුරු සහ දකුණු පලාත් කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු මස පළමු සතිය තුළ සිදු කෙ‍රිණි.

උතුරු නාවික විධානය මගින් යාපනය අර්ධද්වීපය හා දූපත් ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීමේ අරමුණින් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් කන්කසන්තුරය වරාය අවට, කෝවලම්, පල්ලිකුඩා, වල්ලන්, සිල්ලාලෙයි සහ කඩෙයිකාඩු වෙරළ තීරයන් පිරිසිදු කර ප්ලාස්ටික් හා පොලිතීන් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

දකුණු නාවික විධානය මඟින් ගාල්ල, දෙවට, තංගල්ල ගොයම්බොක්ක සහ හම්බන්තොට ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීරයන් විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි.

තවද, කොවිඩ් -19 වසංගත තත්වය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පවත්වන ලද අතර, වෙරළ පරිසර පද්ධතිය රැකගැනීම සඳහා මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට නාවික හමුදාව ඉදිරියටත් කටයුතු කරනු ලබයි.


උතුරු නාවික විධාන‍යේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන


දකුණු නාවික විධානයේ වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන