නාවික හමුදා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 27 ක් පිටව යයි

ගාල්ල, බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 27 දෙනෙක් පසුගිය දින කිහිපය තුළදී එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

ඒ අනුව, 2020 අගෝස්තු 08 වන දින පුද්ගලයින් 08 ක්, අගෝස්තු 09 වන දින පුද්ගලයින් 09 ක් සහ අද (2020 අගෝස්තු 10) පුද්ගලයින් 10 දෙනෙක් වශයෙන් රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන ලද අතර, එම සෑම පුද්ගලයෙකු වෙතම සාර්ථකව නිරෝධායනය වූ බවට සහතිකයක් නාවික හමුදාව විසින් ලබා දීමට කටයුතු කරන ලදි.

තවද, මේ වනවිට පුද්ගලයින් 70 දෙනෙකු බූස්ස නාවික නිරෝධායන මධ්‍යස්ථානය තුල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.