ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නාවික භට පිරිස් ප්‍රවාහනය සිදු කරනු ලබන ශ්‍රීලංනානෞ ‘හංසයා’ නෞකාවේ නව අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා අද (2020 අගෝස්තු 11) වැඩ භාර ගන්නා ලදි.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරි ලුතිනන් කොමාණ්ඩර් ඉරේෂ් රන්සර විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයේදි නිල වශයෙන් අණදෙන නිලධාරි ධූරයේ රාජකාරීන් ලුතිනන් කොමාණ්ඩර් සංජය පෙරේරා වෙත භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා කපිතාන් මුහුදු පුහුණු, කපිතාන් ජානක නිස්සන්ක සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරිගේ අංශ පිරික්සීමෙන් අනතුරුව වැඩ භාර ගැනීමේ කටයුතු නිමාවට පත් විය.