ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු ශයිඩ් මක්සුමුල් හකීම් මහතා 2020 අගෝස්තු 14 වන දින නාවික හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ශයිඩ් මක්සුමුල් හකීම් මහතා සිය ධූර කාලය අවසන් කිරීම නිමිත්තෙන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් රාජකාරි කාලසීමාව තුලදී බංගලාදේශ ආරක්‍ෂක උපදේශක විසින් ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් එතුමන් වෙත සිය කෘතවේදීත්වය පල කර සිටිමින් ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනමන ලදි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.