නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධානයනවූ තවත් පුද්ගලයින් 30 ක් පිටව යයි.

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ, කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සහ ඔලුවිල් නාවික නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 30 ක් පසුගිය සතිය තුළදී එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

ඒ අනුව, බූස්ස නාවික නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 22ක්, කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 06 ක් වශයෙන් රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන ලද අතර, එම සෑම පුද්ගලයෙකු වෙතම සාර්ථකව නිරෝධායනය වූ බවට සහතිකයක් නාවික හමුදාව විසින් ලබාදීමට කටයුතු කරන ලදි.

තවද, මේ වනවිට පුද්ගලයින් 75 දෙනෙකු බූස්ස නාවික නිරෝධායන මධ්‍යස්ථානය තුලද, තවත් පුද්ගලයින් 13 දෙනෙකු කල්පිටිය නාවික නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ පුද්ගලයින් 06 දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙහි තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.