නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ සඳහා ඉදි කල නව නිලධාරි නිවාසය විවෘත කෙරේ

වයඹ නාවික විධානයට අයත් නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ සඳහා ඉදිකරණ ලද නව නිලධාරි නිවාසය වයඹ නාවික විධානයේ ආඥාපති විසින් 2020 අගෝස්තු 15 දින විවෘත කරන ලදි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනය මගින් පාලනය වන නාවික අනුඛණ්ඩ ‘අරිප්පු’ වෙත අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන්ගේ සුභසාධනය සඳහා අලුතින් ඉදිකරන ලද මෙම නිලධාරි නිවාසය විවෘත කිරීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නියොජ්‍ය ආඥාපති, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක්ද සහභාගී වූහ.