ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Ismail Naseer) 2020 අගෝස්තු 17 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

හදුන්වාදීමේ සුහද සංචාරයක නිරතවූ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් එතුමන් වෙත සුභාශිංසන පිරිනමන ලදි.

මෙහිදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඇති දිගුකාලීන සම්බන්ධතාවය සහ ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සුහද පිළිසඳරක නිරත වු අතර, මෙම සුහද හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණි.