ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් සජාඩ් අලී සිය වසර තුනක ධූර කාලය අවසන් කිරීම නිමිත්තෙන් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති තුමන් විසින් රාජකාරී කාල සීමාව තුලදී පාකිස්ථානු ආරක්‍ෂක උපදේශක විසින් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් එතුමන් වෙත සිය කෘතවේදීත්වය පළ කර සිටිමින් ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුභාශිංසන පිරිනමන ලදි. තවද, මෙම සුහද හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණි.