උතුරු මැද නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද මධ්‍යම යන්මාර් වැඩපළ විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද යන්මාර් වර්ගයේ ප්‍රධාන යන්ත්‍ර අළුත්වැඩියා වැඩපළ 2020 අගෝස්තු මස 18 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේදී විවෘත කරන ලදි.

උතුරු මැද නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සහ කොමදෝරු අධිකාරී ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම මධ්‍යම යන්මාර් යන්ත්‍ර අළුත්වැඩියා වැඩපළ මගින්, නාවික හමුදාවේ යන්මාර් වර්ගයේ ප්‍රධාන යන්ත්‍ර සහිත යාත්‍රා වල යන්ත්‍ර කොටස් අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි. තවද, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ ප්‍රතිසංස්කරණය කරන ලද නව ආරක්ෂක කර්යාලයද මෙදිනම විවෘත කෙරුණි.

මෙම විවෘත කිරීමේ අවස්ථාවන් සඳහා උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක්ද සහභාගී වුහ.