ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය අද (2020 සැප්තැම්බර් 03) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිතුමන් ලෙස සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිතුමන් හමුවීමට පැමිණි මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සුභාශිංසන පිරිනමන ලදි. තවද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති තුමන් සහ නාවික හමුදාධිපති තුමන් සුහද පිළිසඳරක නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.