රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල අද (2020 සැප්තැම්බර් 04) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි.

අද දින සිට විශ්‍රාම යනු ලබන රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ 55 වන උපන් දිනයද අද දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින්, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල වෙත උපන් දින සුභපැතුම් පිරිනමන ලදි. අනතුරුව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු, නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල වෙත මාර්ගය දෙපස සිට ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනමන ලදි.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, සිය සේවා කාලය තුල, උතුරු, උතුරු මැද සහ දකුණු නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති ලෙසත්, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, අධ්‍යක්‍ෂ නාවික සංඥා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා ආදී ප්‍රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි.