යාපනය කයිට්ස් දූපතේ රුක්රෝපණ වැඩසටහනක් සඳහා නාවික හමුදාව දායක වේ

යාපනය කයිට්ස් දිසා විනිසුරු විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් කයිට්ස් අලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 සැප්තැම්බර් මස 05 වන දින පැවැත් වූ අතර, ඒ සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදි.

හරිත පරිසර පද්ධතියක් උතුරු ප්‍රදේශයේ ඇති කිරීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් සිදු කරනු ලබන පාරිසරික වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ලෙස මෙම රුක්රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි. එහිදී අලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කුඹුක් සහ කරඳ පැල 1000 ක් රෝපණය කිරීම සිදු කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා උතුරු නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් , නාවිකයින්, යුද්ධ හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.