අම්පාර දිස්ත්‍රික්කයේ නාවික හමුදාව ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පුලාවල මහා විහාරයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීම 2020 සැප්තැම්බර් 07 වන දින සිදු කරන ලදි.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි. ඒ අනුව, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සෞඛ්‍යාරක්‍ෂිතව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම ගිණිකොණ නාවික විධානයේ විධාන ඉංජිනේරු නිලධාරී විසින් සිදු කල අතර, මෙම අවස්ථාව සඳහා මහඔය පුලාවල මහා විහාරයේ ගරුතර ස්වාමීන්වහන්සේලා, මහඔය ප්‍රාදේශිය ලේකම්, නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.