ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොක්ස් ඇතුළු පිරිසක් 2020 සැප්තැම්බර් 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම හමුවේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි.

තවද, ඇමරිකානු ආරක්‍ෂක උපදේශක ඇතුළු පිරිස සහ නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ඇති දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් විසින් ඇමරිකානු ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක්ද පිරිනමන ලදි.